Friday, April 19, 2024

General line - 0115112241

ඩිල්ෂාන් සමුගනී




ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් නායකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු සංචාරය අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ලබන ඉරිදා දඹුල්ලේ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයට සහභාගී වන ඩිල්ෂාන් ඉන්පසුව සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව සඳහන්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙකටද ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන තිලකරත්න ඩිල්ෂාන් ඉන්පසුව පන්දුවාර 20 තරඟ වලින්ද සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.