Friday, March 21, 2025

General line - 0115112241

රත්ගම දුම්රිය අනතුරක් - පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට



රත්ගම විජේරත්න දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.  

ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථය දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රීරෝද රථයේ සිටි තවත් පුද්ගලයෙකු අනතුරට පෙර ඉන් බැස දිවි බේරාගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි ධීවර ක්ෂේත්‍රයේ නිරත වූ අය බවයි පොලීසිය පැවසුවේ.

දුම්රිය සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ත්‍රීරෝදරථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.