Sunday, March 23, 2025

General line - 0115112241

ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය දින කිහිපයකින්



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේ ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි. 

කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොවන තීරණයක් ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් ඊයේ විරෝධතාවයක ද නිරත වුණා.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසයි.