Wednesday, March 26, 2025

General line - 0115112241

සිය උත්සාහය යම් මට්ටමකින් සාර්ථක වූ බව නාමල් කියයි



මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් තමන් කෙරෙහිත් විශ්වාස තැබූ සියලු‍ම පුරවැසියන්ට සිය ස්තුතිය පුද කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.'

ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බැලීමේදී හැඟී යන්නේ එදා විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ හැට නව ලක්ෂයේ ජනතා වරමෙන් මෙවර ජනාධිපතිවරයා තීරණය වී ඇති බවයි.

මඩ අවලාද සහ පොරොන්දු දේශපාලනයට සීමා නොවී ජනපති අපේක්ෂකයකු ලෙස අලු‍ත් දේශපාලන සංස්කෘතියක් වේදිකාව මත තබන්නට මෙවර මා දැරූ උත්සාහය යම් තරමකින් හෝ සාර්ථක වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.'