Thursday, April 17, 2025

General line - 0115112241

උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දිනසේන රතුගමගේ



උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් අණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (23) නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කළේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දිවුරුම් දීමත් සමග උතුරු ආණ්ඩුකාර ධූරයෙන් ඇය ඉල්ලා අස්වී ඇති බවයි.

ඇය අවස්ථා දෙකකදීම උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරය හොබවා ඇති අතර වවුනියාව  මඩකලපුව ප්‍රදේශ වල දිසාපතිනිය වශයෙන්ද රේගු අධ්‍යක්ෂවරිය වශයෙන්ද සෞඛ්‍ය ලේකම්වරිය වශයෙන්ද මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වශයෙන්ද සේවය කොට තිබෙනවා.