Friday, March 29, 2024

General line - 0115112241

ඉරාකය ලොකු නගරයක් මුදාගනී




ඉරාකයේ ෆලුජාහ් නගරය අයි.එස්. සටන්කාමීන්ගෙන් සම්පූර්ණයෙන්ම මුදාගත් බව ඉරාක හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැයි මාසයේ ආරම්භ කරන ලද මුදවා ගැනීමේ මෙහෙයුම සති පහකට පසු සාර්ථකව අවසන් කළ බව ඉරාක හමුදාපති ප්‍රකාශ කර ඇති බවයි.

ඉරාකයේ දෙවන විශාලම නගරය වන ෆලුජාහ් නගරය සටන්කාමීන් අතට පත් වූ ඉරාකයේ පළමු නගරය බවත් විදෙස් වාර්තා අනාවරණය කළා.

නගරය මුදා ගත්තද මේ වන විටත් ගුවන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් නගර වැසියන් නැවත පැමිණීම අනතුරුදායක බවයි ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසා ඇත්තේ.

එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් අතහැර දමා ගිය බෝම්බ සහ ආයුධ තවමත් නගරයේ ඇති හෙයින් ඒවා ඉවත් කරන තුරු නැවත පැමිණීම අහිතකර බවත් සදහන් කරනවා.

මෙම නගරය මුදවාගැනීමට ඉරාක හමුදාවට ඇමෙරිකානු හමුදාවේද සහය ලැබී තිබෙනවා.

453782456.0.0Untitled-1