Thursday, March 27, 2025

General line - 0115112241

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කිලෝ 1,300ක් නාවික හමුදාවෙන් අල්ලයි

දිනසෙන් රතුගමගේ



නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය දහ අටයි ග්‍රෑම් විසි දෙකක තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. 

ඒ, තලෙයිමන්නාරම සහ මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුම්වලදීයි. 

එම බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 8ක් පමණ වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ. 

එම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට නියමිත බවද නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.