Monday, March 31, 2025

General line - 0115112241

විදුලිසැර වැදීමෙන් කොබෙයිගනේ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට



කොබෙයිගනේ,  තිඹිරපොකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලිසැර වැදී ජීවිතක්‍ෂයට තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා කඩ කාමරයක් තුළ එලෙස විදුලිසැර වැදී ජීවිතක්‍ෂයට පත්ව සිටි බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි බොරළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම පුද්ගලයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කුලියාපිටිය රෝහල වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.