Friday, April 19, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවි සිසුන් 10කට පංති තහනමක්




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුන් පිරිසක් අතර ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් එම පීඨයේ තවත් සිසුන් දස දෙනෙකුට සති දෙකක තාවකාලික පංති තහනමක් පනවා තිබෙනවා.

ඉකුත් 22 වනදා රාති‍්‍රයේ මෙම ගැටුම ඇති වී තිබුණා. ඒ, විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමක් අතරතුරයි.

එය සංවිධාන කර තිබුණේ සමසෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක්. ඊට පළමු වසරේ සිසුන් සහභාගි නොවීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ගැටුම හටගැණුනා.

ඉන් තුවාල ලැබූ සිසුන් පස් දෙනෙකු ප‍්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.