Thursday, March 28, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව හෙළි වෙයි




බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන්ගේ ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ සිරුරට මොට ආයුධයකින් පහරදීමෙන් බව අනාවරණ වී තිබෙනවා. ඒ, කෑගල්ල ශීක්‍ෂණ රෝහලේ අද (25) පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදීයි.

හිසෙහි සිදුවූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවයි එහිදී අනාවරණ වුණේ. මොට ආයුධයෙන් කළ පහරදීම හේතුවෙන් හිස් කබල පුපුරාගොස් ඇති බවද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළි වුණා. අවසන්වරට ඔහු ලබාගත් ආහාර පවා ජීරණය වීමට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවයි අද (25) අනාවරණ වුණේ.

මේ අතර ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් පස්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරීස් අද නියෝගයක්ද නිකුත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙම සැකකරුවන් රටින් පිටවීමට උත්සහ කළ හොත් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි මහේස්ත‍්‍රාත්වරයා එහිදී ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇත්තේ.

00003dead 00006dead 00008dead