Thursday, March 28, 2024

General line - 0115112241

පොඩි හිමිවරුන්ට පිහිණුම් පාඩමක් (PHOTOS)




හදිසි අවස්ථාවක ජලයේ ගිලෙන්නට ගියහොත් දියමත පාවී සිටීමට හැකි වන පුහුණුවක් දඹුල්ල ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩසිටින කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලාට ලබාදීම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී සිදු කෙරුණා.

ඒ දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමය මගිනුයි.

ශ්‍රී ලංකා පොලිසියට වසර 150ක් පිරිම නිමිත්තෙන් දිවයිනේ එක් දිස්ත්‍රික්කයක පුද්ගලයන් 1000ක් දෙනාට ජලයෙන් තම ජිවිත බේරාගැනීමට හා තවත් අයෙකුගේ ජිවිතයක් බේරා ගැනීමට පුහුණු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ගිහි හා පැවිදි දෙපාර්ශවයටම මේ පුහුණුව ලබාදීමට දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා ඇතුළු පුහුණු උපදේශක වරුන් කටයුතු කර ඇත්තේ.

කුඩා හාමුදුරුවරුන්ට දියමත පාවී සිටීමට හැකි වන පරිදි පුහුණුව ලබාදීම සිදු කෙරු‍ණේ උයන්වත්ත පුරාන විහාරාධිපති හල්මිල්ලවැව ප්‍රේමරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ගේ අධීක්ෂණය යටතේයි.

00001dambulla 00002dambulla 00003dambulla

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA