Saturday, March 15, 2025

General line - 0115112241

දසුන් හැළෙයි - භානුක යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකයා චරිත් අසලංකයි.

හිටපු නායක දසුන් ශානක සංචිතයෙන් ඉවත් කර තිබීම එහි විශේෂත්වයක්.

කෙසේවෙතත් කලක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා තිබීම තවත් විශේෂත්වයක් වනවා.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයේ පිතිකරුවන්. වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දුද සංචිතයට ඇතුළත්.