Thursday, April 25, 2024

General line - 0115112241

බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ ඝාතන පරීක්‍ෂණ අලුත් දිසාවකට




බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන්ගේ ඝාතන සිද්ධියේ පරීක්‍ෂණ අලුත් දිසාවකට යොමුවී තිබෙනවා.

පරීක්‍ෂණ කණ්ඩායම්වල දැන් විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ කෑගල්ල ප‍්‍රදේශයෙන් ලැබුණු බව කියන දුරකතන ඇමතුමක් වෙතටයි.

පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මුදා හැරීමට රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා ඔහුගේ පියාට දුරකතන ඇමතුම් කිහිපයක්ද ලැබී තිබුණා.

දින කිහිපයක් අතුරුදන්ව සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර මාවනැල්ල රුකුලේගම ප‍්‍රදේශයේ තිබී පෙරේදා සොයා ගැනුනා.

කෑගල්ල ශීක්‍ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වුණේ ඔහුගේ හිසට මොට ආයුධයකින් කළ පහරදීමකින් ඝාතනය සිදුකර ඇති බවයි.

මේ අතර බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධියේදී පොලීසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායකගෙන් වාර්තාවක්ද කැඳවා තිබෙනවා.