Wednesday, April 16, 2025

General line - 0115112241

පිලිපීනයෙන් චීනයට දොස්



ගැටුම්කාරී දකුණු චීන මුහුද සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ සාකච්ඡා කඩිනම් කරන ලෙස පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් අග්නිදිග ආසියානු සහ චීන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ලාඕසයේ පැවති අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය (ASEAN) අමතමින් චීන අගමැති Li Qiang ඉදිරියේ මාකෝස් චීනයේ හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් චෝදනා කළේය. 

එමෙන්ම පිලිපීන නායකයා චීනයට දොස් පවරමින් පැවසුවේ, සියලු පාර්ශවයන් "වෙනස්කම් බැරෑරුම් ලෙස කළමනාකරණය කිරීමට සහ ආතතිය අඩු කිරීමට උනන්දුවෙන් විවෘත විය යුතු බවයි.

පිලිපීනය පසුගිය මාස කිහිපය පුරාවට දකුනු චීන මුහුදේ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චීන වෙරළාරක්ෂක හමුදාවට චෝදනා කරමින්, නැවත නැවතත් ප්‍රකෝප කිරීම් සහ භෞමික ආක්‍රමණයන් නතර කරන ලෙස ද ඉල්ලා සිටියේය.

"ආසියාන් - චීන චර්යාධර්ම සංග්‍රහයේ සාකච්ඡා වඩාත් ඉක්මන් විය යුතුය" යනුවෙන් ද පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ආසියාන් සමුළුවේදී පැවසීය