Sunday, March 16, 2025

General line - 0115112241

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලට රොකට් ප්‍රහාර මාලාවක්



හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයේ වගකීම මේ වන විට හිස්බුල්ලා සංවිධානය විසින් භාර ගෙන ඇති බව සඳහන්.

උතුරු ඊශ්‍රායලයේ හමුදාව සිටින ස්ථානවලින් ඉවත්වන ලෙසට හමාස් සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

ඒ, ඊශ්‍රායල හමුදාව විසින් උතුරු ඊශ්‍රායල ජනතාව පදිංචිව සිටි නිවාස කිහිපයක් සිය හමුදා කඳවුරු බවට පත් කර ගෙන ඇති පසුබිමකයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හදිසි කැබිනට් රැස්වීමක්ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 1,645 ක් මියගොස් ඇති බවයි.

මේ අතර ලෙබනනයේ අගමැති සටන් විරාමයක් සඳහා යෝජනාවක්ද පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.