Tuesday, April 15, 2025

General line - 0115112241

ඡන්දයේදී පාට කරන ඇඟිල්ල මාරු වෙයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහායි.

ඒ අනුව ලබන 26වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙනත් ඇඟිල්ලක් පාට කිරීමට ද නියමිත බවයි.