Friday, March 29, 2024

General line - 0115112241

මහ ඡන්දයත් කල් දමනු ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය සැකයෙන්




පළාත් පාලන මැතිවරණය සේම ඉදිරි මහ මැතිවරණයද කල් දැමීමට ආණ්ඩුව කටයුතු කිරීමට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය සැක පළ කරනවා.

කෙසේවෙතත් ආණ්ඩුව පැවසුවේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට හැකිවනු ඇති බවයි.

මෙම අදහස් පළ වුණේ පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පස්වරුවේ විවාදයට ගැණුනු පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතු බවට වන කල්තැබීමේ යෝජනාවේදීයි.

මේ අතර වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමු කරන ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් සභා ගර්භයේ නොසිටීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී ඊයේ (25) කතාබහක් ඇති වුණා.