Sunday, April 13, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිසි අයුරින් සිදු වන බව නලින්ද ජයතිස්ස කියයි



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සතුව පවතිනවා යැයි පවසන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තා ආරක්ෂක අංශය වෙත භාරදෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජනතාවට පැහැදිලි කිරීමක් සිදුකල යුතු බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළා.