Friday, March 29, 2024

General line - 0115112241

එක්දින තරග අතරතුර ඕස්ටේ‍්‍රලියාව T20 සංචිතයත් නම්කරයි




ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියාව දැන් සිටම සිය සංචිතය ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහි එක් විශේෂත්වයක් වන්නේ දෙරට අතර තවත් එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබියදීම සංචිතය ප‍්‍රකාශයට පත් කිරීමයි.

එක්දින තරගාවලියෙන් ඉවත් කළ තුන්ඉරියව් කී‍්‍රඩක ග්ලේන් මැක්ස්වෙල් පන්දුවාර විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබීමද තවත් විශේෂත්වයක්.

ශි‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන සැප්තැම්බර් 6 වනදායි.

මේ අතර දෙරට අතර පැවැත්වෙන ඉදිරි එක්දින තරග තුන සදහා සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතයද මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ.

එම සංචිතය පහතින් දැක්වේ

David Warner (capt)
Aaron Finch
Shaun Marsh
Travis Head
Chris Lynn
Glenn Maxwell
Moises Henriques
Peter Nevill (wk)
James Faulkner
John Hastings
Mitchell Starc
Adam Zampa
Scott Boland.