Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 16 සිට




කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරද අතිසාර්ථකව පැවැත්වීමට දැන් සිටම සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.

පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව අලුතින් පොත් 450 ක් පමණ එළිදැක්වීමට නියමිතයි.

පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාවට මෙවරද සියලු පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇතැයි කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දිවර පැවසුවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වන අතර 25 වනදා දක්වා පැවැත්වෙනවා.

ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (25) සිදු කෙරුණා. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවරද මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.