Wednesday, April 16, 2025

General line - 0115112241

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩිතැබීමක්



ගල්කිස්ස, රත්මලාන දුම්රිය අංගනයේ අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

දුම්රිය අංගනයට දේපළ සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයන් පස් දෙනෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

එම පුද්ගලයින් තවත් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුටද පහර දී තුවාල සිදු කර තිබෙනවා. 

වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු සහ සැකකරුවන් පහර දීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.