Wednesday, April 16, 2025

General line - 0115112241

ජොන්ස්ටන් CIDයට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ දිනයේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුවයි ඔහු අද මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ.