Wednesday, April 24, 2024

General line - 0115112241

ගමට අලි පනිති (ඡායාරූප)




අම්බලන්තොට නගර සීමාවට අද (26) පෙරවරුවේ වනඅලීන් රංචුවක් හදිසියේ කඩා වැදී තිබෙනවා.

ඒ සමගම නගර වැසියන් කලබලයට පත්ව සිටි අයුරක් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම වනඅලීන් මදුනාගල රක්‍ෂිතයේ සිට පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේවෙතත් වනඅලීන්ගෙන් මේ වනතෙක් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළකට හානියක් සිදුව නැහැ.

වනඅලීන් පලවා හැරීම සදහා මේ වනවිටද මෙහෙයුමක් කි‍්‍රයාත්මකයි. ඒ, වනජිවි නිලධාරීන් සහ පොලීසියේද මැදිහත්වීමෙන්.

00001ele 00002ele 00003ele 00004ele