Wednesday, April 16, 2025

General line - 0115112241

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අශේන් සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

උදය කුමාර



සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.

ඒ, ඉදිරි මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමකට අදාළවයි.

එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.