Wednesday, April 16, 2025

General line - 0115112241

නාමල් රාජපක්ෂත් CID යට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහායි. කෙසේවෙතත් තමාව කැඳවූයේ කුමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටදැයි නොදන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසුවා.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනා.

පසුව ඔහු ඔක්තෝබර් 30 දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.