Thursday, April 17, 2025

General line - 0115112241

ලෝක ආදරය දිනූ ටාසන් අවසන් ගමන් යයි



ලොව පුරා රසික ආදරය දිනා ගනිමින් ප්‍රචාරය වූ ‘ටාසන්’ රූපවාහිනී කතාමාලාවේ ‘ටාසන්’ චරිතයට පණ පෙවූ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වූ රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවුණා. 

එලී වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 1966 සිට 1968 දක්වා කාලය තුළයි.

ඒ හරහා ඔහුට හිමිවූ ජනප්‍රියත්වය හේතුවෙන් ඔහුට නොමද රසික ආදරයක් හිමි වුණා.

ටාසන් චරිතය රඟපාන අවස්ථාවේ ඔහු විසින්ම එහි ත්‍රාසජනක ජවනිකා රඟපෑ බවටයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් රූගත කිරීම් අතරතුර ඔහු නිතර තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.