Wednesday, April 16, 2025

General line - 0115112241

ලක්ෂ පහක් වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට



නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී දුම්වැටි 6,000ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

එම දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවට අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉදිමංකඩ, පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.