Wednesday, April 16, 2025

General line - 0115112241

ගිනි අවි සමග පුද්ගලයින් 05ක් අත්අඩංගුවට



දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලදී ගිනි අවි 05ක් සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් පුද්ගලයින් දෙදෙනෙකු බුත්තල, පැලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹගල්ල ප්‍රදේශයේදීයි.

සෙසු පුද්ගලයින් දෙදෙනා ඇතිමලේ සහ නෙඳුන්කේනි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.