Saturday, April 19, 2025

General line - 0115112241

ආරුගම්බේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට රැඳවුම් නියෝග ලබා ගනී



මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරිමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින්. ඊශ්‍රායල් සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව සංචාරකයින් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.