Thursday, April 17, 2025

General line - 0115112241

මුම්බායි දුම්රිය ස්ථානයේ තෙරපීමකින් 9 දෙනෙකුට තුවාල



ඉන්දියවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොරක්පූර් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට මගීන් ගොඩවීමට උත්සාහ කිරීමේදී මුම්බායි හි බන්ද්‍රා දුම්රිය ස්ථානයේ තෙරපීමකින් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම තෙරපීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දීවාලි උත්සවයට පෙර පැවති උත්සවයක් සඳහා පැමිණි පුද්ගලයන් නැවත යාම සඳහා දුම්රියස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මෙම තදබදය සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජිවිත හානි පිළිබඳව මෙතක් වාර්තා වී නොමැති බවත් තුවාල ලැබූවන් දුම්රිය පොලිස් නිලධාරීන් සහ අනෙකුත් මගීන් විසින් රෝහල් ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.