Saturday, May 10, 2025

General line - 0115112241

කොම්පඤ්ඤවීදියේදී දුම්රියක්  පීලි පනී 



මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ 

තවද මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවද  දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා