Saturday, April 20, 2024

General line - 0115112241

නකල්ස් මස් වැද්දන්ට දඩය එක් ලක්‍ෂ හැත්තෑ පන්දහසක්




නකල්ස් රක්‍ෂිතයේ ජීවත් වූ වනසතුන් ඝාතනය කර, ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිමේ සිද්ධියත් සමග දැඩි කතාබහට ලක්වූ පුද්ගලයින් හයදෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ පන්දහසක දඩයක් පැනවීමටයි පන්විල සංචාරක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

රක්‍ෂිතයකදී සතුන් ඝාතනය කිරීම සහ ගිනිඅවි භාවිත කිරීම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුට එල්ල වූ චෝදනා වනවා.

සෙසු සැකකරුවන්ට එල්ල වී තිබුණේ සතුන් ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවයි.