Saturday, April 19, 2025

General line - 0115112241

පොළොන්නරුව මහේස්ත්‍රාත් නිල නිවසට රතිඤ්ඤා විසි කළ අය සොයා විශේෂ පරීක්ෂණයක්

රොෂාන් තුෂාර තෙන්නකෝන්



රතිඤ්ඤා කරලක් දල්වා පොළොන්නරුව මහේස්ත්‍රාත් නිල නිවසට විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොළොන්නරුව, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා පදිංචි වී සිටින නව නගරයේ නිල නිවස ඉදිරිපිට එලෙස රතිඤ්ඤා කරල දල්වා විසිකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයකු සහ සැරයෙන්වරයකු නිල නිවසේ රාජකාරී සිදුකර තිබෙනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයාගේ මව සහ පියා ද නිල නිවසෙහි රැඳී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.