Saturday, April 19, 2025

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත්



මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, පානදුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීම හේතුවෙන්.

එහි එක් මැදිරියක් පීලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

මේ වන විට එම දුම්රිය මැදිරිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම කටයුතු අවසන් වන තෙක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එම ස්ථානයෙන් එක් මාර්ගයකින් සිදු කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.