Saturday, April 19, 2025

General line - 0115112241

හෙරොයින් සන්තකව සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

උදය කුමාර



හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 07 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණය විසින් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුට එලෙස සිරදඬුවම් නියම කළ බවයි

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 2016 වසරේ නොවැම්බර් මස 08 වනදා බොරැල්ල නව මැගසින් බන්ධනාගාරය පිටුපස මාර්ගයේ සිදුකළ සෝදිසියකදී හෙරොයින් සමග මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.