Sunday, May 11, 2025

General line - 0115112241

මුදල් අච්චු ගැසූ චෝදනාවට ආණ්ඩුවෙන් පිළිතුරු



වත්මන් ආණ්ඩුව පත් වූ පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වොෂින්ටනයේ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ද අමාත්‍ය විජිත හේරත් මෙහිදී කරුණු දැක්වුවා.