Thursday, April 18, 2024

General line - 0115112241

කොටි සැකකරු රෝහලෙන් පැන්නේ කාගේ උදව්වෙන් ද ?




ද්‍රවිඩ අමාත්‍යවරයෙකුගේ නිර්දේශ මත වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරයට වෙත මාරු කර යැවූ එල්.ටී. ටී. ඊ සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. ඒ, ඔහු දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙම එල්.ටී. ටී. ඊ සැකකරුගේ සුවදුක් විමසීම සදහා ඉකුත්දා දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබුණා.

එහිදී ඔහු මන්තී‍්‍රවරුන්ට පවසා ඇත්තේ තමන්ට බන්ධනාගාර රෝහලෙන් එන්නතක් ශරීරගත කිරීමෙන් පසුව දැඩි අපහසු තත්ත්වයකින් පෙළෙන බවයි.

පසුව මන්තී‍්‍රවරුන් විසින් මෙම සැකකරු යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවන ලෙසට අදාළ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණා.

මේ අතර පලාගිය එල්.ටී. ටී. ඊ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ කාර්ය බලකාය, පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන්ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා.