Monday, April 21, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු යන්න ඉල්ලන අපේක්‍ෂකයින් 05ක් අත්අඩංගුවට

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



මහමැතිවරණයට අදාළ විවිධ පැමිණිලි සම්බන්ධයෙන් අපේක්‍ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ ආධාරකරුවන් 120ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

පෝස්ටර්, කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය ඉතා සාමකාමී බවයි. 

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනය අදයි.