Saturday, April 19, 2025

General line - 0115112241

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්

ටී කේ ජී කපිල



ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

ඒ, රුසියාවේ මොස්කව් නුවරදීයි. මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී බී එස් සී නෝනිස් මහතා සහ රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී අයි පිකලොව් මහතා අත්සන් තබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ද්විපාර්ශවීය වෙළෙඳ ගණුදෙනුවලදී රේගු කටයුතු නීත්‍යනුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අනොන්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීමට මෙම ගිවිසුම ඍජුවම බලපානු ඇති බවටයි පැවසෙන්නේ.