Monday, April 21, 2025

General line - 0115112241

රාජගිරියේ ගින්නක්



රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ගරාජයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න යාබද නිවාස දෙකකටද ව්‍යාප්ත වී ඇති බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්න නිවීම සඳහා කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් රථ 05ක් සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් එම ස්ථානයට යොමු කර තිබෙනවා.