Wednesday, May 28, 2025

General line - 0115112241

ආණ්ඩුව ශක්තිමත් කිරීමට නම් පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුතු  බව ජනපති අවධාරණය කරයි.

එන් ඒ ඩබ් නිරෝෂන්-රංජිත් රාජපක්ෂ



පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීමට බලාපොරොත්තු වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බවයි.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් රජයේ වැඩපිළිවෙල විවේචනය කළත් එය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම තමන්ගේ වගකීම බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ.