Tuesday, April 22, 2025

General line - 0115112241

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි. 



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

ඒ අනුව අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.