Friday, April 19, 2024

General line - 0115112241

ගිනිඅවි කොටස් තොගයක් වව්නියාවෙන් සොයාගැනේ (PHOTOS)




වව්නියාව, ඕමන්ත ප‍්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ගිනිඅවි කොටස් 34 ක් පොලිසිය විසින් සොයාගනු ලැබ තිබෙනවා. ඒ, ප‍්‍රදේශවාසියෙකු අදාළ ඉඩම වගා කිරීම සදහා සකස් කරමින් සිටි අවස්ථාවකදීයි.

මෙම ගිනිඅවි එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් වළදමා ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙම කොටස් දිරාපත් වී ඇති බවද මූලික නිරීක්‍ෂණයේදී දැකගත හැකි වුණා.

කෙසේවෙතත් මෙම ස්ථානයේ තවදුරටත් ගිනිඅවි ඇත්දැයි සොයා වව්නියාව අධිකරණයේ නියෝග මත අදාළ ස්ථානයේ ලබන 29 වනදා කැණීම් සිදුකිරීමට නියමිතයි.

00001omantha 00002omantha 00003omantha