Saturday, April 19, 2025

General line - 0115112241

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද



සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. 

ඒ, මෙල්බන්හීදියි. තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. 

ඒ අනුව පිටියට පිවිසි සංචාරක පාකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 41 ක් අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 173 ක් රැස්කරගෙන සිටියා. 

පකිස්තාන ලකුණු පුවරුව 03 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා. 

නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 44 කට දැවී ගිය අතර බාබාර් අසාම් රැස් කළේ ලකුණු 37 ක් පමණයි. 

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සිය පන්දුවාර 10 තුළ ලකුණු 33 ක් පමණක් ලබා දෙමින් කඩුලු 03 ක් බිඳ හෙලුවා.