Wednesday, April 23, 2025

General line - 0115112241

ගිනි අවි සහ තියුණු ආයුධ සමඟ සැකකරුවෙකු ීඔත්‍ අත්අඩංගුවට



ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගිනි අවි සහ අවි ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීමකදීයි.

එහිදී AK 47 වර්ගයේ ගිනි අවියක්, එම මැගසින් එකක්, ඊට යොදන උණ්ඩ, මිලිමීටර් නමයේ පිස්තෝලයක්, එම මැගසින් එකක් සහ ඊට යොදන උණ්ඩ සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව සැකකරු සන්තකයේ තිබී කඩු දෙකක් සහ කිණිස්සක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.