Thursday, March 13, 2025

General line - 0115112241

ඉතිහාසයේ පළමුවරට අයිස්ලන්ත සංචාරකයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල



ඉතිහාසයේ පළමුවරට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් මෙරට සංචාරය සදහා අද උදෑසන දිවයිනට පැමිණියා.

24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක් මෙරට රැඳී සිටීමට නියමිතයි.

පිරිස පැය 24 ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව අද උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම සංචාරකයින් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරය කිරීමට සැළසුම් කර තිබෙනවා.