Thursday, April 17, 2025

General line - 0115112241

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ට්‍රම්ප් ඉදිරියෙන්



අමෙරිකානු ජනාධිපතිවරණයේ ජන්ද විමසීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 247 ක්ද ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් ලබා ගෙන ඇත්තේ ජන්ද විද්‍යාල 214ක් පමණයි.

මැතිවරණ සිතියමට අනුව යුධ පිටියේ ප්‍රාන්ත ලෙස හඳුන්වන ලද උතුරු කැරොලිනා සහ ජෝර්ජියාව ජය ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව ලැබී තිබෙනවා.

අනෙකුත් යුධ පිටියේ ප්‍රාන්ත ලෙස හඳුන්වා ඇති පෙන්සිල්වේනියා, ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින් යන ප්‍රාන්තවල ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වූ ජෝර්ජියා ප්‍රාන්තයද කමලා හැරිස් පරාජයට පත් වීම විශේෂත්වයක්. 

මේ අතර හිටපු ජනපති ඩොනල් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීමට නියමිත බවයි ඇතැම් ඇමරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.