Thursday, April 17, 2025

General line - 0115112241

ට්‍රම්ප්ට, රුසියාවේ සංචාරයකට පුටින්ගෙන් ඇරයුම්



අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් සුබපැතුම් එක්කර තිබෙනවා.

පුටින් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ධෛර්ය සම්පන්න මිනිසෙකු බවයි. පසුගිය ජූලි 14 වන දින පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියකදී තුවක්කුකරුවෙකු විසින් ට්‍රම්ප්ව  ඝාතනය කිරීමට තැත් කිරීමේදී ධෛර්යය පෙන්වීම පිළිබඳවද  රුසියානු ජනාධිපතිවරයා විසින් ඔහුට ප්‍රශංසා කර තිබෙනවා. 

මේ අතර ඉදිරි දිනයකදී රුසියාවට පැමිණෙන ලෙසට  ව්ලැඩිමීර් පුටින් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම ට්‍රම්ප් සමඟ සුහද සංවාදයකට තමන් සුදානම් බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.