Thursday, April 17, 2025

General line - 0115112241

පකිස්තානයේ පෝලියෝ රෝගීන් ගණන තවත් ඉහළ යයි



පාකිස්තානයේ බලෝකිස්තානයේ කිලා සයිෆුල්ලා දිස්ත්‍රික්කයෙන් මෙම සතියේදී තවත් පෝලියෝ රෝගියෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ පකිස්තානයෙන් වාර්තා වී ඇති පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

පකිස්තානයේ වැඩිම පෝලියෝ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද බලෝකිස්තානයෙන්.

පාකිස්ථානයේ බලෝකිස්තානයේ පෝලියෝ රෝගීන් 23 ක්, සින්ද්හි 12 ක්, කයිබර් පක්තුන්ක්වා හි 9 ක් සහ පන්ජාබ් සහ ඉස්ලාමාබාද්හි එක් අයෙකු බැගින් පෝලියෝ රෝගීන් මෙම වසර තුළදී වාර්තා වී තිබේ.

සන්නද්ධ කණ්ඩායම් මගින් සෞඛ්‍ය සේවකයින් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර හමුවේ බලෝකිස්තානයේ පෝලියෝ මර්ධන වැඩසටහනට බාධා එල්ල වෙමින් තිබේ.