Saturday, May 31, 2025

General line - 0115112241

ගාසා ගැටුම්වලින් මිය ගිය පිරිස ගැන අනාවරණයක්



ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් ගතවූ මාස 13ක කාලය තුළ පුද්ගලයින් 43,300කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

එම පිරිසෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පැවසුවේ. ඒ අතරින් සියයට 44ක් ළමුන් වනවා. 

සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 80ක්ම සිදුව ඇත්තේ නිවාස සංකීර්ණ සහ නිවෙස් වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.